Monday, February 10, 2014

කෙටි පණිවිඩයෙන් අනාවරනයවු පාසල් නේවාසිකාගාරයේ දූෂණය

ආණමඩුව පොලීසිය විසින් පාසල් නේවාසිකාගාරයක් තුළ සිසුවියක් දුෂණය කළබව කියන පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - තෝනිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියකි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 18ක් වන පාසල් සිසුවෙකු බව පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති දැරිය හා සැකකාර ශිෂ්‍යාද ආණමඩුව ප්‍රදේශයේ ඵකම පාසලක ඉගෙනුම ලබමින් සිටී
පාසැල් දරුවන්වූහ.

සැකකාර ශිෂ්‍යාද එම පාසලේම 12 වන වසර පන්තියේ ඉගෙනුම ලැබු අතර මෙම දැරිය10 වන වසර පන්තියේ ඉගෙනුමලබමින් සිටියහ.

දෙදෙනා අතර මීට සති කීපයකට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී තිබේ.

  උපකාරක පන්තියට යාම සඳහා සිසුවිය ආණමඩුව බස් නැවතුම් පලට පැමිණි අවස්තාවේ සැකකාර සිසුවා හමු වී තිබේ.

පසුව සැකකරුගේ ඉල්ලීම මත දෙදෙනාම පාසලේ නේවාසිකාගාරය වෙත ගොස් ඇති බවත්,නේවාසිකාගාරය තුළදී සැකකරු තමන්ව දුෂණය කළ බවත් සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත.

  අතවරයට පත් පාසල් සිසුවියගේ ජංගම දුරකථනයේ තිබූ කෙටි පණිවිඩයක් ඇයගේ මාමා කෙනෙකු දැක මේ සම්බන්ධයෙන් සොයා බලන විට මෙ‍මසිද්ධිය අනාවරණය වී තිබේ.

ඉන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ආණමඩුව දිසා රෝහලට යොමුකර ඇත. ආණමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.


No comments:

Post a Comment