Saturday, February 15, 2014

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් නොසලකා හැරිම-අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ආ නව යෝජනාවලියට ශ්‍රී ලංකාව සහය පළ නොකිරීම, මෙරට ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලිය අහිමිවීමට හේතුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන හා මුල්‍ය බලතල ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට සහ ඉන්දියාවට පවරමින් ඉදිරිපත් වු යෝජනාවට ජන්ද ප්‍රකාශ කිරීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටියේය.

ඊට පළිගැනීමක් ලෙස ඉන්දියාව විසින් මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් නොසලකා හැර ඇති බව අර්ජුන රණතුංග මහතා පවසයි.

අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී එක් ක්‍රීඩකයෙකු පමණක් මිලදීගනු ලැබුවේ එම සත්‍ය සැඟවීමට බව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා පවසා ඇත.

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම පිළිගත නොහැකි කරුණක් බව ඔහු පෙන්වාදී තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි නොවන ලෙස මහේල සහ සංගක්කකාරගෙන් තමා මිට පෙර ඉල්ලා සිටි බව ද අර්ජුන රණතුංග මහතා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment