Thursday, February 6, 2014

තුවක්කුව ඉබේ පත්තු වී සොරාගේ අණ්ඩ කෝෂවලට වදි..

පුද්ගලයකුගෙන් මුදල් ඉල්ලා නොදුන් විට කෝපයට පත් සොරකු එම පුද්ගලයාගේ කකුලට වෙඩි තබා පැන යද්දී සොරාගේ වෘෂණ කෝෂවලටම වෙඩි වැදී තුවාල ලබා ඇතැයි පෝට්ලන්ඩ්හි පොලිසිය පවසනවා.
 හතලිස් හැවිරිදි ජෝෂෆ් ජොන්සන් වාහන නවත්වන ස්ථානයක සිටි ජෝර්දාන් මෙරිල්ට තුවක්කුවක් පෙන්වා මුදල් ඉල්ලීය. මුදල් දීමට බැරි යැයි කී විට ජෝෂෆ්, මෙරිල්ගේ කකුලට වෙඩි තබා තුවක්කුව සිය ඉණෙහි ගසාගෙන පලා ගියේය.
 එහෙත්  ඉබේ පත්තු වී ජෝෂෆ්ගේ අණ්ඩ කෝෂවලට වැදි තුවාල සිදුවිය. ජෝෂෆ් රියකින් පලා යෑමට උත්සාහ කළද බිම වැටුනේ තුවාල ලබා සිටි නිසාය. එදින  ජෝෂෆ් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

No comments:

Post a Comment