ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද ගැටුම් වල දී යුද අපරාධ සිදුකළ බවට
විමර්ශන වාර්තාවකින් අනාවරණය වී ඇති බව
පී.අයි.ඒ.සී නැමැති සංවිධානයක්
පවසයි.
අදාළ වාර්තාව උපුටා දක්වමින් "ද සිඩ්නි මෝනින් හැරල්ඩ්" පුවත්පත පවසන්නේ කොටි සංවිධානයේ නායකයාගේ පුත් බාලචන්ද්‍රන් ප්‍රභාකරන් ඝාතනය මගින් ද ඒ බව තහවුරු වන බවයි.
එමෙන්ම යුද ගැටුම් අවසන් සමයේ දී සිවිල් වැසියන් රැඳී සිටින ප්‍රදේශ වලට ෂෙල් ප්‍රහාර එල්ල කර ඇති බවට ද අදාළ වාර්තාව මගින් චෝදනා කරන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පමණක් නොව කොටි සංවිධානයද අපරාධ සිදුකළ බවට අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇති බව "ද සිඩ්නි මෝනින් හැරල්ඩ්" පුවත්පත පවසයි.
මෙම වාර්තාව "අයිලන්ඩ් ඔෆ් ඉම්පියුනිටි "ලෙස නම් කර තිබේ.
අද(05) නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් පී.අයි.ඒ.සී නැමැති සංවිධානය පවසන්නේ ස්වාධීන කරුණු මත පදනම්ව එය සකස් කළ බවයි.
එහිදී ඡායාරූප, ස්වාධීන යුද විශ්ලේෂකයින්, ඇසින් දුටු සාක්ෂි සහ චන්ද්‍රිකා ඡායාරූප, වාර්තාව සැකසීම සඳහා යොදාගෙන ඇති බව ද සඳහන් වෙයි.
මාර්තු මාසයේ දී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවලියට පුර්වගාමීව මෙය නිකුත් කරන බවට අදාළ සංවිධානය විසින් පවසන බව එම පුවත්පත වාර්තා කරයි.
එමෙන්ම ලංකාවේ ආරක්ෂක අංශ යුද ගැටුම් වලින් පසුව උතුරු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සුසාන භූමි මහා පරිමාණයෙන් විනාශ කිරීම සම්බන්ධයෙන් ද වාර්තාව මගින් අවදානය යොමු කර ඇති බව අදාළ පුවත්පත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදක්වන බව එම පුවත්පත අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය ටෝනි ඇබට් ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගෙන ඇති මිතුදමත්, ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගමන් කරන සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ගෙන ඇති එකඟතාවන් මීට හේතුවන්නට ඇති බව එම පුවත්පත පෙන්වා දෙයි.
No comments:
Post a Comment