Tuesday, February 11, 2014

උතුරෙන් පාතාල කල්ලියක් කොටුවෙයි.

යාපනය වඩුකෝඩ්ඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඩීනෝa ගෲප් පාතාල කණ්‌ඩායම ස්‌ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, කපා කොටා පහරදීම් ඇතුළු විවිධ අපරාධවල නිරතවී ඇත්තේ යුද හමුදා නිල ඇඳුම්වලින් සැරසී ගොස්‌ බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මේනිසා ආරක්‍ෂක අංශ යාපනය ප්‍රදේශයේ දෙමළ ජනතාව අතර අපකීර්තියට ලක්‌ව ඇති බව ද වාර්තා වෙයි.
මෙම පාතාල කල්ලිය මෙහෙයවා ඇත්තේ යාපනය කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෝගන් අශෝක්‌ ඩීනෝ නමැති අයෙකි.මෙම කල්ලියට සාමාජිකයන් විසිදෙනකු සිටින අතර ඉන් නව දෙනෙක්‌ මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටිති. යාපනය ප්‍රදේශයේ බිහි වී තිබූ "ආවා ගෲප්" පාතාල කල්ලියට සම්බන්ධ වී කලක්‌ අපරාධ කර ඇති "ඩීනෝ" නමැත්තා පසුව ඉන් ඉවත් වී "ඩීනෝ ගෲප්" නමින් වෙනම පාතාල කල්ලියක්‌ බිහි කරගෙන ඇති බව වාර්තා වෙයි. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, යාපනය නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් ඩයස්‌ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වඩුකෝඩ්ඩේ, කෝපායි චාවාකච්චේරි පොලිස්‌ ස්‌ථාන ඒකාබද්ධව කළ වැටලීම්වලදී මෙම සන්නද්ධ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි විය.

No comments:

Post a Comment