Tuesday, February 11, 2014

ලිංගික විපර්යාස කරගෙන මිනී මරන ඝාතකයා පොලිසියට කොටුවේ.


ඝාතනය කර පලාගිය පුද්ගලයා පෙරේදා (09 වැනිදා) මොරටුවේදී අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය සමත් වී තිබේ.හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක මුරකරු

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු එම කර්මාන්ත ශාලා හිමියාට අයත් මිරිහාන ප්‍රදේශයේ කම්හලකදී මීට පෙරද එවැනිම ඝාතනයක්‌ සිදුකර ඇති බව හෙළිවී තිබේ. 

 සැකකරු මුල්ම ඝාතනයෙන් පසු තායිලන්තයට පලාගොස්‌ ලිංගික විපර්යාස ශල්‍යකර්මයකට භාජනය වී තිබීම නිසා ස්‌ත්‍රී ලිංගිකයකු බවට පත් වී ඇති බව හෙළිවේ.
 හෝමාගම කර්මාන්ත ශාලා හිමියාගේ ඥති පුත්‍රයකු වන සැකකරු මිරිහාන පදිංචි 45 හැවිරිදි අයකු වන බව පොලිසිය පවසයි.
 පසුගිය 07 වැනිදා හෝමාගම කර්මාන්ත ශාලාවේ රාත්‍රි සේවයේ යෙදී සිටි ආරක්‍ෂක නිලධාරියකුට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment