Sunday, February 9, 2014

දොළදුකට ඉබ්බන් රැගෙන ගිය අයෙක් මාට්ටුවේ..

 ගල් ඉබ්බන් තුන්දෙනෙකු  මස් කර කෑමට ති‍්‍රරෝද රථයකින් රැගෙන  යමින් සිටි පුද්ගලයෙකු ගල්කිරියාගම පොලීසියමගින් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා

 කලාවැව ප‍්‍රදේශයේ වැවකින් මෙම ගල් ඉබ්බන් තුන්දෙනා අල්ලා මස් පිණිස ගලේවෙල ප‍්‍රදේශයට රැගෙන යමින් සිටියදී ආඬියාගල - පැල්බැඳියාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේය.

සැකකරුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ ගැබිණි මවකගේ දොළදුක් ආශාව සඳහා මෙම ඉබ්බන් රැගෙන ගිය බවයි.
 සැකකරු33 හැවිරිදි පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණයට
 අද  ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment