Friday, February 7, 2014

ලෝකය පිළිකා රැල්ලකට මුහුණ පායිද?

ලෝකය පිළිකා රැල්ලකට මුහුණ පා සිටින බවට අනතුරු අඟවන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්ද්‍යාඥයෝ මධ්‍යසාර සහ සීනි සම්බන්ධයෙන් සීමා පැනවීම සලකා බැලිය යුතු බව පවසති.

2035 වන විට ලෝකයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දෙකෝටි විසිහතර ලක්ෂය දක්වා ඉහළ යනු ඇතැයි පෙර දකින එම සංවිධානය පවසන්නේ එය අඩකින් අඩු කිරීමේ හැකියාව පවතින බවයි.
දුම් පානය, තර බව හා මත්පැන් බීම සම්බන්ධයෙන් පියවර ගෙන පිළිකාව වැලැක්වීමේ ‘සැබෑ අවශ්‍යතාවක්’ මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ.
ජගත් පිළිකා පර්යේෂණ භාරය ප්‍රකාශ කරන්නේ පිළිකා රෝගය සහ ආහාර අතර සම්බන්ධය ගැන ඇති බොළඳ අවබෝධය ‘තැති ගන්වන’ සුළු බවයි.
වසරක් පාසා එක් කෝටි හතලිස් ලක්ෂයකට පිළිකා රෝගය ඇතැ’යි හඳුනා ගනු ලබන අතර 2025 දී එය එක් කෝටි අනු ලක්ෂය දක්වාත්, 2030 දී දෙකෝටි විසි හතර ලක්ෂය දක්වාත් ඉහළ නගිනු ඇතැයි ගණන් බලා තිබේ.
මෙයින් වඩාත් පීඩාවට පත් වනු ඇත්තේ සංවර්ධනය වන රටවල් ය.

No comments:

Post a Comment