රත්නපුර - බලංගොඩ ඒ-4 මාර්ගය සහ රත්නපුර - ඇඹිලිපිටිය ඒ - 18 මාර්ගවල රථ
වාහන ධාවනයට අද සහ හෙට පැයක පමණ කාලයක් බාධා ඇති විය හැකි බව පොලීසිය
පවසයි.
පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ සතර මහා දේවාල රන්දෝලි
ඒ අනුව අද පස්වරු 3 සිට සහ හෙට රාත්‍රී 9 දක්වා එම මාර්ග අවහිර වීම් ඇති විය හැකිය.
විකල්ප මාර්ග ලෙස රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගය වෙනුවට රත්නපුර - නිවිතිගල හරහා වටාපොත- කහවත්ත හරහා මාර්ගය භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.
එමෙන්ම රත්නපුර - බදුල්ල මාර්ගය වෙනුවට රත්නපුර - වේවැල්වත්ත මාර්ගය හරහා බලංගොඩ දක්වා මාර්ගය භාවිත කළ හැකි බව පොලීසිය කියයි.
පෙරහැර හේතුවෙන් අදාළ මාර්ග අවහිර වීම් ඇති විය හැකි බව පොලීසිය කියයි.
No comments:
Post a Comment