දළ ගණන් බැලීම් වලට අනුව මේ වන විට මිලියන දෙකක් තරම් වූ ශ්‍රී ලාංකිකයින්
ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන බවයි, ග්‍රවුන්ඩ් විව්‍ස් වෙබ්
අඩවියේ සංස්කාරක පවසයි.
රජයේ ඇස්තමේන්තු වලට අනුවශ්‍රී ලංකාවේ ජනගනයෙන් සියයට දොළහත් -දහසයත් අතර පිරිසක් අන්තර් ජාලය භාවිතා කරති.
එම සංඛ්‍යාවට සාපේක්ෂව ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන් ගේ
සංඛ්‍යාව තරමක් අඩු වුවද ෆේස් බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව නිතිපතා වැඩි
වෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
ෆේස් බුක් සමාජ මාධ්‍යට ජංගම දුරකථනය ඔස්සේ
පිවීසෙන සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර කාටුන් මාධ්‍ය ඔස්සේ
සංක්ෂිප්තව අදහස් ප්‍රකාශ කිරීම ප්‍රචලිත වෙමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.
අළුත් දේශපාලන කතිකාවතක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී
ලංකාවේ දේශපාලනඥයින් ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සක්‍රීය වී ඇති බවත්
තමන්ගේ තොරතුරු සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ලබා ගන්නා තරුණ පරම්පරාව දිනා
ගැනීම සඳහා දේශපාලනඥයින් මේ සමාජ මාධ්‍ය භාවිත කිරීමට නැඹුරු වීම පුදුමයට
කරුණක් නොවන බවත් මෙතුමා වැඩි දුරටත් කියා සිටියේය.

No comments:
Post a Comment