Friday, February 14, 2014

අනවසරයෙන් අතුළු වූ රුසියානු යුවල දක්ෂිණ අධිවේගය විවෘත කරයි...

ලබන මාසයේදී විවෘත කිරීමට නියමිත මාතර සිට පින්නදූව දනක්වා වූ දක්ෂිණ අධිවේගී මාර්ගයට
අනවසරයෙන් අතුළු වූ රුසියානු ජාතික යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් එම මාර්ගයට යතුරුපැදියකින් ඇතුළු වී ඇති අතර ලබන 17 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්නදූව ප්‍රවේශ දොරටුවේ යොදා ඇති මාර්ග බාධක ඉවත් කර කොළඹ දෙසට ගමන් කරමින් සිටියදීය.
අධිවේගී රථ වාහන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා අක්මීමන පොලිසිය වෙත භාර දෙනු ලැබ අනතුරුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔවුන්රුපියල් ලක‍ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.

No comments:

Post a Comment