Thursday, February 13, 2014

ජල සැපයුමට සීමා....

පවතින වියළි කාලගුණික තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් ජල සැපයුමට සීමා පැනවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ජලය බෙදාහැරීම සඳහා ජලය ලබා ගන්නා ජලාශවල හා ගංඟාවල ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ඉතා වැදගත් බවයි මෙහිදී අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

No comments:

Post a Comment