රවාහන අමාත්‍යාංශයේ අධීක්ෂණ තනතුරක් දැරූ දුම්රිය රියදුරු සංගමයේ සභාපති
අයි.එල්.කේ. දිසානායක එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් දුම්රිය
රියදුරන් ඊයේ (13) පස්වරුවේ ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගය තවදුරටත්
කි‍්‍රයාත්මකයි. දුම්රිය රියදුරන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ඞී.එල්.
පරණවිතාන සඳහන් කළේ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද
උදෑසන 9 ට තම සංගමයේ නියෝජිතයින් විශේෂ සාකච්ඡාවක නිරත වන බවයි.ප‍්‍රවාහන අමාත්‍යාංශයේ අධීක්ෂණ තනතුරක් දැරූ දුම්රිය රියදුරු සංගමයේ සභාපතිවරයා ඉවත් කරන්නැයි දුම්රිය වෘත්තීය සමිති 26 ක් ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති සහ ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ පැවති අතර, එහිදී දුම්රිය රියදුරු සංගමයේ සභාපතිවරයා අදාළ තනතුරෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා එකඟත්වය පළ කළා. මෙම තීරණයට විරෝධය පළ කරමිනුයි දුම්රිය රියදුරු සංගමය ඊයේ පස්වරුවේ සිට මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ආරම්භ කළේ. හදිසියේ ආරම්භ කෙරුණු රියදුරු වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දහස් ගණනක් පත්වූයේ දැඩි දුෂ්කරතාවයකටයි. වර්ජනයට එරෙහි මහජන විරෝධතා වේයන්ගොඩ, රාගම ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක ඊයේ පස්වරුවේ පැවති බවයි.
කෙසේ වෙතත්, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් සීමිත
දුම්රිය ගමන්වාර ප‍්‍රමාණයක් පමණක් කි‍්‍රයාත්මක කිරීමට සිදුව ඇති බවයි.
No comments:
Post a Comment