Thursday, February 13, 2014

කොළඹ - අවිස්සාවේල්ල ගමනාගමන කටයුතුවලට බාධා- උද්ඝෝෂණයක්

සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද උදෑසන උද්ඝෝෂණයක් පැවැත්වුණා.  ඒ හේතුවෙන් කොළඹ - අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ

ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවූ බවයි හංවැල්ල පොලීසිය සඳහන් කළේ. ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් පිටකරන අපද්‍රව්‍ය හේතුවෙන් පානීය ජලය අපිරිසිදුවන බවට චෝදනා කරමින් ප‍්‍රදේශවාසීන් විසින් මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුණා. මේ වනවිට උද්ඝෝෂකයින් සහ අදාළ කර්මාන්ත ශාලාවේ බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවයි හංවැල්ල පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු  ප‍්‍ර සඳහන් කර තිබේ.

No comments:

Post a Comment