දොඩම් ගෙඩි 12ක් මදක් සිදුරු කර, ඒවායේ ඇතුළ හිස් කර, ඒ තුළ මත් කුඩු
කිලෝවක් පමණ පුරවා පකිස්ථානයේ සිට ලංකාවට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක රේගු
නිලධාරීන් විසින් අද රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
ලොකු ලූනූ බහාලන දැල් සහිත බෑගයක දමා තිබූ දොඩම් ගෙඩි 40න් 12ක එසේ මත් කුඩු පුරවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය.
එම කුඩු තොගයේ දැනට තක්සේරු කර ඇති වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවද පැවසූ ඒ මහතා සැකකරු (64) උර්දු භාෂාවෙන් කතා කරන පුද්ගලයෙකු බවද කීවේය.
පකිස්ථානයේ, කරච්චි සිට පැමිණි ගුවන් යානයකින් හෙතෙම අද රාත්‍රී 8. 40ට පමණ මෙරටට පැමිණ ඇත.
ඉකුත් කාලයේ අල ගෙඩි තුළ මෙන්ම ග්‍රීස් ටින් තුළ ද සඟවා මෙරටට මත්කුඩු රැගෙන ආ බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.
මත් කුඩු බොහෝමයක් රැගෙන ආවේ පකිස්ථානයෙන් බව අනාවරණය වූ අතර අදත් ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගත්තේ පකිස්ථානුවෙකි.
No comments:
Post a Comment