Friday, February 14, 2014

නීති විරෝධී මැතිවරණ පෝස්ටර් තොගයක්

මාතර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලද තොරතුරක් අනුව මාතර ඡන්ද ප‍්‍රදේශය භාර නිලධාරියා සහ මාතර පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (13) රාත‍්‍රියේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මුද්‍රණය කළ

මැතිවරණ පෝස්ටර් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු විසින් මැතිවරණ පනතට පටහැනි ලෙස මුද්‍රණය කරවා තිබූ මෙම පෝස්ටර් 3200ක් පමණ හමුවී ඇත්තේ අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ ආපනශාලාවෙන්. අදාළ පෝස්ටර් තොගය අකුරැස්ස පොලිසියට භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

No comments:

Post a Comment