Friday, February 14, 2014

නොරොච්චෝලය විකුනනනෙ නෑ....

නොරොච්චෝල තාප විදුලි බලාගාරය චීනයට විකුණන බවට පැති යන වාර්තා සත්‍යයෙන් තොර බවත් කිසිසේත්ම නොරොච්චෝල බලාගාරය

විකුණා දැමීමේ සූදානමක් නොමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
කෙසේ වෙතත් CEMC නැමති චීන සමාගමකට මෙම බලාගාරය විකුණා දැමීමේ සැලසුමක් ඇති බව වාර්තා වූ අතර ඒ පිළිබදව බලධාරීන් අතර සාකච්ඡ ඇති වූ බවටද වාර්තා පළ වී තිබුණි.
දැනටමත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගම් හා සියලූ වෘත්තීය සමිති මේ සිද්ධියට විරෝධය පළකර ඇත.
මේ අතර ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසන්නේ නොරොච්චෝල බලාගාරය විකුණා දැමුවහොත් ලංකා විදුලිබල ධාරිතාවෙන් 1/3 චීන සමාගම යටතට පැවරෙන බවයි.

No comments:

Post a Comment