ජයග්‍රහණය සඳහා එක් පන්දුවකට ලකුණු 2ක් ගැනීමට තිබියදී සචිත්‍ර සේනානායක
අවසන් පන්දුවට 4 පහරක් එල්ල කර බංග්ලාදේශයේ බලාපොරොත්තු සුන්කරමින් දෙවැනි
පන්දුවාර 20-20 තරඟයෙන්ද ශ්‍රී ලංකාවට ජය අත්කරදීමට අද සමත් වුණේය.
ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයත් අතර පැවැත්වෙන පන්දුවාර 20 -20 තරඟාවලියේ දෙවැනි තරඟය ද ඒ අනූව ශ්‍රී ලංකාව ජයගත් අතර මේ හේතුවෙන් 20 -20 ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත්
ඊයේ ප්වති තරඟයේදී කාසියේ වාසිය දිනා බංග්ලාදේශය පන්දුවට පහරදෙමින් පන්දුවාර 19.5කදී ලකුණු 120ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත් වේගවත් ආරම්භයක් ලබාදෙමින් ලකුණු 21ක් ලබා දැවී ගියේය.
ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 23ක් වූ අතර තවත් ලකුණු 27ක් ලකුණු පුවරුවට එක්වන විට ශ්‍රී ලංකා පිලේ කඩුලු 5ක්ම දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
ඒ අනූව ලකුණු 50 සිට පිටියේ එක්වූ කුමාර් සංගක්කාර හා තිසර පෙරේරා මුළු ලකුණු සංඛ්‍යාව 96 දක්වා රැගෙන ආ අතර සංගක්කාර ලකුණු 37ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.
සංගක්කාරගේ දැවීයාමත් සමග තරඟය දෙපිළටම විවෘත විය.
එතැන් සිට තිසර පෙරේරා හා සචිත්‍ර සේනානායක කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යනතුරු කඩුල්ලේ රැඳී සිටි අතර තිසර පෙරේරා නොදැවී ලකුණු 35ක් හා සේනානායක නොදැවී ලකුණු 12ක් ලබා සිටියහ.
පන්දු 28දී ලකුණු 35ක් ලබාගත් තිසරට තරඟයේ වීරයා සම්මානය පිරිනැමීය.
තරඟාවලියේ වීරයා සම්මානය නුවන් කුලසේකරට හිමිවිය.
ශ්‍රී ලංකාව සතුවේ.
No comments:
Post a Comment