මෙවර මැතිවරණයට තරඟ වැදීම සඳහා නිළියන් නාම යෝජනා බාර දීම ගැනන ජනප‍්‍රිය නළු ටෙනිසන් කුරේඅදහස් පල කරයි.ඔහු ඉල්ලා සිටින්නේ නළු නිළියෝ වගේම අනෙක් අය ගැනත් විශ්වාසයක් නොතබන ලෙසයි.
‘ජනතාවට සේවය කරන්න දේශපාලනේට එන්නම ඕනේ කියලා නීතියක් නෑ. මං දකින බොහෝ කලාකරුවෝ ඉන්නවා තමන්ගේ පෞද්ගලික දේපොළ වලින් මිනිස්සුන්ට උදව් කරනවා. වහලක් නැති අයට වහලක් හදලා දෙනවා.
ඒත් සමහරු දේශපාලනේට එන්නේ ලැබෙනවාට වඩා ලොකු මුදලක් දේශපාලනයෙන් ලැබෙන නිසා. ඒ මුදලෙන් ලොකු සේවයක් කරන්න හිතෙන නිසා වෙන්න ඇති.කොච්චර ජනතාවට ආදරේද කියනවා නම් සමහරු ජනතාවට සේවය කරන්න මිනී මරනවා මං දැකලා තියනවා. එහෙම බලය ගන්නේ මොකටද? නළු නිළියෝ බුරුතු පිටින් එනවා.
මං නම් කියන්නේ දේශපාලනේට එන ඔක්කොම නළුවෝ. ඒ නිසා නළු නිළියෝ නෙවෙයි කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ.හැමෝම එන්නේ රගපාලා, ජනතාව රවට්ටලා ගොනාට අන්දලා යන්න. නළු නිළියෝ නාට්‍යවල සටන් කරලා දිනනවා වගේ ඇත්තම ජීවිතෙත් සටන් කරයි කියලා මිනිස්සු බලාගෙනම ඉන්නවා’ යයිද ඔහු සඳහන් කරයි.
No comments:
Post a Comment