Friday, March 21, 2014

හොරු 4ක් නීතියේ රැහැනට.........

 
 
ප්‍රදේශ කිහිපයක ගෙවල් බිඳුම් ඇතුළු කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තෙප්පනාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තෙප්පනාව හා කුරුවිට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් විසින් කුරුවිට, ඇහැළියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශවල ගිනි අවි භාවිත කරමින් රන් භාණ්ඩ සහ ගෙවල් බිඳුම් සම්බන්ධ අපරාධ 10ක් පමණ සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔවුන් සතුව තිබී අත්බෝම්බයක්, ගිනි අවි දෙකක් සහ කොල්ලකන ලද රන් පවුම් 12ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන තුන්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.



No comments:

Post a Comment