උත්සව සමයේ ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ
හිඟයකින් තොරව මිලදී ගැනීමේ අවස්ථාව සලසාදෙන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ
කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ සඳහා ලංකා සතොස අලෙවිසැල් ජාලය තවදුරටත් පුළුල් කර ඇති අතර මේ වන විට
ලංකා සතොස අලෙවිසැල් 300ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරයා
කියයි.
උත්සව සමයේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට මිලදී ගැනීම සඳහා එම භාණ්ඩ සියලුම
ලක් සතොස අලෙවිසැල් වෙත හිඟයකින් තොරව ලබාදෙන ලෙස ද ලංකා සතොස සභාපති
නලීන් ප්‍රනාන්දු මහතාට අමාත්‍යවරයා විසින් නියෝග කර ඇත.
වෙළඳපොළෙහි යම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් හිඟ නම් හෝ කෘතිම හිඟයක් මවා
පෑමට උත්සාහ කරන්නේ නම් එම භාණ්ඩ ලංකා සතොස, මිනිකෝප් සිටි, මෙගා කෝප් සිටි
මගින් අවම මිලක් යටතේ අලෙවි කිරීමට කටයුතු කරන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු
අමාත්‍යවරයා පවසයි.
No comments:
Post a Comment