පොතුහැර දුම්රිය ස්ථානයේ බදාදා (30) සිදු වූඅනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයින් පස් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙන බව වාර්තා වෙයි.කොළඹ සිට පලෙයි බලා ධාවනය වු දුම්රියේ රියදුරු, රියදුරු සහයක, ප්‍රධාන නියාමක, සංඥාකරු සහ පොතුහැර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ මෙලෙස තහනම් කැර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් වන පරික්ෂණ
අවසන් වනතුරු මෙම තීරණය ගෙන ඇති බව පාලක මැදිරිය පවසයි.
සිද්ධිය සම්න්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කැර තිබේ. දුම්රිය ගමනා ගමන අධිකාරී එල්. ආර්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපයඇතුළත ප්‍රවාහන අමාත්‍යවරයාට සහ දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට භාරදීමට නියමිතය.මේ
අතර දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණයට අමතරව ප්‍රවාහන
අමාත්‍යාංශයද පරීක්ෂණයක් සිදුකරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා
පැවසීය. දුම්රිය
අනතුර හේතුවෙන් බ්‍රහස්පතින්දා (01) පෙරවරුවේද උතුරු දුම්රිය මාර්ගයේ ධාවන
කටයුතුවලට බාධා එල්ල විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ අනුව උදෑසන 5.45ට කොළඹ කොටුවෙන් පිටත්වීමට තිබූ යාල්දේවි දුම්රියත්, උදෑසන 6.10ට මඩකලපුව බලා යාමට නියමිතව තිබූසිඝ්රගාමි දුම්රියත් අවලංගු කළබව පාලක මැදිරිය පැවසීය.
No comments:
Post a Comment