විදේශිකයින්ට මෙරටට පැමිණීම සඳහා වීසා ලබා දීමේදී දැනට පවතින නීති රීති වෙනුවට දැඩි ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය බ්‍රහස්පතින්දා (08) තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (08) කැබිනට් මණ්ඩලයට රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.
සාමාන්‍ය
පුරවැසියන් පමණක් නොව රජයේ නියෝජිතයන් පවා විදේශි රටකට යාමට වීසා ලබා
ගැනීමේ දී දැඩි ක්‍රියා පටිපාටියක් එම රටවල අනුගමනය කරන බවත් ඒ තුළින්
ඇතැම් අවස්ථාවල දී මහත් අසීරුතාවකට ලක් වීමට සිදුවන බවත් කැබිනට් මණ්ඩලයේ
දී අවධාන යොමු වී ඇත. එබැවින් මෙට වීසා දීමේ දී පවතින ලිහිල් ප්‍රතිපත්ති
වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව මෙහිදී අවධානය යොමු වී
තිබේ.
වයස අවුරුදු 15 ත් 18 ත් අතර වයසේ පසුවන ළමුන් සඳහා පුහුණු පැවැත්වීමට අවස්ථාව දෙන්නැයි බටහිර රටවල් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කර ඇතිබවත් එම අනුමැතිය දීමට පෙර ඔවුන් පැමිණෙන්නේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ දී පවසා ඇත.

No comments:
Post a Comment