රජරට ප්‍රදේශයේ පැතිර යන හදුනනොගත් වකුගඩු රෝගයට ග්ලයිපෝසේට් නැමති
වල්නාශකය හේතුවන බව මේ වන තෙක් තහවුරු වී නොමැති බව කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ග්ලයිපෝසේට් වල්නාශකය
පිළිබඳව විවිධ මත ඉදිරිපත්ව ඇතැත් සෞඛ්‍ය බලධාරින් විසින් මෙතෙක් ඒ
පිළිබඳ නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති වීම හේතුවෙන් මෙම රෝගී තත්ත්වය
තවදුරටත් හඳුනානොගත් වකුගඩු රෝගය ලෙසම නම් කෙරෙන බවයි.
හඳුනානොගත් වකුගඩු රෝගයට ග්ලයිපෝසේට් හේතුවන බව ප්‍රකාශ කිරිම කල්පිතයක්
පමණක් බවත් මෙය තහවුරු කිරිමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් වී
නොමැති බවත් අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ග්ලයිපෝසේට් භාවිත අත්හිටුවහොත් බොහෝ බෝගයන්ගේ අස්වැන්න අඩුවිය හැකි අතර
විශේෂයෙන්ම එය තේ හා වී වගාවන්හි අස්වැන්න සියයට 20ක් 40ක් පමණ අඩුවීමට
හේතුවන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් පළිබෝධනාශක භාවිතය කිරිම අවම කිරිම සඳහා රසායනික නොවන විවිධ
ක්‍රමවේද ඇතුළත් ඒකාබද්ධ පළිබෝධ පාලන පිළිවෙත් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
No comments:
Post a Comment