ආර්ථික, සංචාරක හා ආගමික යන අංශ වලින් ගිවිසුම් කිහිපයකට එළඹීමට අපේක්ෂා
කරන බව වියට්නාමයේ අග්රාමාත්ය න්යුයෙන් ටන් ඩියුන්ග් මහතා පවසයි.
මේ හරහා ශ්රි ලංකාව සහ වියට්නාමය අතර පවතින සබඳතා ශක්තිමත් කරගැනීම අපේක්ෂාව බව වියට්නාම අග්රාමාත්යවරයා සඳහන් කළේය.
ශ්රි ලංකාවේ සංවර්ධනය සඳහා වියට්නාමයේ සහයෝගය ලබාදීමට සිය රජය සූදානම්
බවත් වියට්නාමය කලාපීය මිත්රත්වය තහවුරු කර ගැනීම සඳහා ශ්රි ලංකාවේ
සහයෝගය අපේක්ෂා කරන බවත් වියට්නාම අග්රාමාත්යවරයා පවසා තිබේ.
ශ්රි ලංකා අග්රාමාත්ය දි.මු ජයරත්න මහතා මේ දිනවල වියට්නාමයේ සංචාරයක
නිරතව සිටින අතර අග්රාමාත්යවරයා ඊයේ (09) පස්වරුවේ වියට්නාම
අග්රාමාත්ය කාර්යාලයේ දි එරට අග්රාමාත්ය න්යුයෙන් ටන් ඩියුන්ග් මහතා
මුණුගැසි සාකච්ඡා කර තිබේ.
එහිදි වියට්නාම අග්රාමාත්යවරයා මෙම අදහස් පළ කර ඇති බව සඳහන් වෙයි.
පැයක පමණ කාලයක් මෙම සාකච්ඡා පැවති අතර එහිදි ශ්රි ලංකාව සහ වියට්නාමය අතර
ද්වි පාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ගිවිසුම් රැසකට එළඹීමට
අපේක්ෂා කරන බව වියට්නාම අග්රාමාත්යවරයා මෙහිදි ප්රකාශ කර තිබේ.
වියට්නාමයේ ගෑස් සහ ඛනිජ ඉන්ධන සම්පත් බහුලව පවතින බවත් ඒ අනුව එම සම්පත
ශ්රී ලංකාවේ ආයෝජනය කිරිමට අපේක්ෂා කරන බවත් වියට්නාම අග්රාමාත්යවරයා
මෙහිදි ප්රකාශ කර ඇති බව සඳහන් වෙයි.
No comments:
Post a Comment