Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, May 5, 2014
වර්ජනයට එරෙහිට නඩු යන හැඩ
රට පුරා රෝහල්වල සිදු කෙරෙන හෙද හෙදියන්ගේ වැඩවර්ජනයට එරෙහිව අධිකරණයේ පිහිට පතන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ නිදහස් මිතුරෝ ජාතික සංවිධානයයන පාර්ශ්ව 3 පවසයි. මෙම වර්ජන ක්‍රියාවලිය තුලින් සමස්ථ ජනතාවම බරපතල පීඩාවකට සහ අනතුරකටපත්ව ඇති බවත් මෙවැනි කි‍්‍රයාමාර්ග ගන්නවුන්ට එරෙහිව අධිකරණයේදී කරුණු දක්වන බවත් එම පාර්ශව පවසයි.
මෙම වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් 650කට ආසන්න සංඛ්‍යාවක ප‍්‍රතිකාර සේවාඅඩාල වී තිබේ. මහනුවර ශික්ෂණ රෝහලේ ඉකුත්දා සිදු වූ ගර්භනී කාන්තාවකගේ මරණය සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ගර්භනී කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමට සිදුවීමද එහි ප‍්‍රතිඵලයන් බව ඇතැම් පාර්ශ්ව පැවසීය. මේ අතර අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට නොදී මනුෂ්‍යත්වයේ නාමයෙන් සේවයට පැමිණෙන්නැයිද ගැටළුවක් ඇත්නම් ඕනෑම දවසක පැය 24ම සාකච්ඡා කිරීම සඳහා සුදානම් යැයිද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙද හෙදියන්ට ඊයේ (04) දැනුම් දී සිටියේය.
හෙදවැඩවර්ජනයෙන් ඉරිදා(04)සවස සිට ඉවත් වූ බවත් අනුව අද උදෑසන සිට සේවයට වාර්තාකරන ලෙසත් සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයකියා සිටී.එහෙත් තවත් සංගම් කිහිපයක් තවදුරටත් වර්ජනයේ යෙදී සිටී.
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment