ඔවුන්ගේ දුක සැප බැලීමට කිසිවකු නොපැමිණි බව ඔවුහු මැසිවිලි නගති.
ඇලෙක්සන් සොයිසා මහතා :
උපන්දා සිට අපි මේ පාතමුල්ල ගම්මානයේ ජීවත්වෙනවා. මෝයකට නොකැපීම නිසා වැලි හිර වී අපේ ගම ගංවතුරට යටවෙනවා. වැලි හාරන්න බලපත්‍ර නොදෙන නිසා මේ තත්ත්වය උදාවෙලා. අපේ දුක බලන්න කෙනෙක් නෑ.
කෝලිත මෙන්ඩිස් මහතා (38)
මේ ගංවතුරට මාදු ගඟේ කිඹුල්ලු අපේ ගෙවල්වලට එනවා. පොඩිදරුන් ඉන්න නිසා අපට මරණ බව දැනෙනවා. අපට ගමට එන්න හරි හමන් පාරක් නෑ. මේ දුක අපට තවත් නම් ඉවසා ඉන්න බෑ.
කරුණාරත්න සමන්ති මිය (30)
අපේ දරුවන්ට මේ ගංවතුර නිසා පාසල් යන්න බැරි වෙනවා. මිඩ්වයිෆ් නෝනා දරුවන් හම්බවෙන්න ඉන්න අම්මලා ආවාම ගැබිනි මව එගොඩට ඔසවන්න යන්න වෙනවා. ලයිට් බිල වතුර බිල බලන්න එන මහත්තයත් අරන් එන්න අප ඔරුවක් අරගෙන යනවා.
සරෝජනී දමයන්ති මිය (30)
මගේ අයියා ආබාධිත රණවිරුවෙක්. එක් ගංවතුර අවස්ථාවකදී ආධාර බෙදන්න ගිහින් දුම්රිය හරස් පාරේදී දුම්රියට හසුවෙලා මැරුණා. අපට අයියගේ මිනිය බලන්නවත් යන්න බැරි වුණා. මේ ගංවතුර අපේ ජීවිත විනාශ කරනවා.
ධම්මිකා චාන්දනි මිය (43)
විවිධ අපද්‍රව්‍ය ගඟට එක්වෙලා. මදුරු කීටෑවෝ බෝවෙලා. ගෙවල්වලටත් අප ද්‍රව්‍ය ගලා එනනවා. අපි විඳින දුක නිලධාරි කවුරුත් ගණන් ගන්නේ නැහැ.
බලපිටිය ප්‍රාදේශීය ලේකම් සරසි එස්. ගුණසේකර මහත්මිය මෙසේ කීවාය.
ඔවිලානේ මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. සහන සලසන්න. ග්‍රාම නිලධාරී සහන නිලධාරීත් යැවුවා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවටත් ආපදා කළමනාකරණ මධ්‍ය ස්ථානයටත් දැනුම් දුන්නා. මුහුදේත් ගඟෙත් ජල මට්ටම සමාන වන තුරු මෝට කට කපන්න බැහැ කියලා වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියනවා. එහෙම නොවි මෝය කැපුවෝත් මුහුදු ජලය ඇවිත් තවත් පැත්තක් යටවෙනවා. මේක අපට හරි ප්‍රශ්නයක්.
No comments:
Post a Comment