Saturday, May 10, 2014

මාරක රොබෝවරුන් ගැන ජගත් සංවිධාන විවාදයක්.

මිනිසෙකුගේ අණකින් තොරව කි‍්‍රයාත්මක විය හැකි මාරක රොබෝවරුන් තහනම් කළ යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාව ජගත් සංවිධානයේ දී රොබෝ විශේෂඥයන් විසින් ලබන සතියේ විවාදයට ගැනීමට නියමිතයි. සිනමාපටවල දක්නට ලැබෙන එවැනි රොබෝවරුන් මෙතෙක් නිර්මාණය කර නැතත්, විද්‍යාඥයන් ඊට ආසන්න තත්ත්වයක පසුවනවා. මේ හේතුවෙන් රොබෝවරුන්ගෙන් මිනිසුන්ට අවදානමක් ඇති නොවිය යුතු බවයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත්තේ. මිනිසුන් රහිතව කි‍්‍රයාත්මක වන ඩ්‍රෝන් යානා පිළිබදව ද ඉදිරියේ දී ජගත් සංවිධානය කරුණු අධ්‍යයනය කිරීමට නියමිතයි. ස්වයංක‍්‍රීය යාන්ත‍්‍රික සෙබලූන් හෝ අවි වලට එරෙහිව ජාත්‍යන්තර යුධ නීතිය කි‍්‍රයාත්මක වන්නේ නැහැ.

No comments:

Post a Comment