Monday, May 5, 2014

ඒ මාරයාගෙන් බේරෙන්න

Student 








ඩෙංගු රෝගයට පාසැල් ළමුන් ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බැවින් පාසැල් ආරම්භ කරන වේලාවන් වෙනස් කිරීම කෙරෙහි අවදානයක් යොමු කරන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා අධ්‍යාපන බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත. සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවා දෂ්ඨකරනුයේ උදෑසන 7.00 සහ 7.30 අතර කාලයේ බව පෙන්වා දෙන වෛද්‍යවරයා මෙම කාලය තුළ දරුවන් පාසැල් පරිසරයේ සිටීම වැඩිපුර මදුරු දෂ්ඨයට පහසුකරවන්නක් බවද හෙතෙම පෙන්වා දේ.
මෙම කාල සීමාව මඟහැර උදෑසන
8.00 පමණ වන විට පාසැල් විවෘත කළ හැකි නම් මෙම අවදානම මදකින් හෝ අවම කර ගැනීමට හැකි වනු ඇතැයිද වෛද්‍ය කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment