Monday, May 5, 2014

ලොතරැයි හල කඩා සල්ලියි රයිෆලයයි කොල්ල කාලා

Robberyදිස්ත්‍රික් ලොතරැයි අලෙවි නියෝජිතවරයෙකුගේ නියෝජිත කාර්යාලය කඩා එහි තිබු රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් හා රයිෆලයක් සොරාගෙන ගිය සොර කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මුලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුලුල් විමර්ශන සිදු කරයි.මෙම ආයතනයේ විශාල වශයෙන් මුදල්තිබෙන බව දැනගත් සොර කල්ලියක් විසින් එම ආයනයේ පිටුපස දොර ගෑස් කටරයක් උපයෝගි කරගෙන කපා දමා ඊට ඇතුලු වී මෙම සොරකම් සිදුකර ඇති බවද අපරාධ විමර්ශන අංශය සදහන් කරයි.අනුරාධපුර නව නගරයේ හතරවන පටුමගේ (කූඹිච්චන්කුලම වැව් බැම්ම ආසන්නයේ) මෙම ලොතරැයි අලෙවි නියෝජිත කාර්යාලය පවත්වාගෙන යන අතර ඔහු ජාතික ලොතරැයි මණ්ලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතවරයෙකු වශයෙන් කටයුතු කරන්නෙකි.දිස්ත්‍රික් ලොතරැයි අලෙවි නියෝජතවරයාගේ කාර්යාලයේ මුදල් බහා තිබු සේප්පුව කඩා දමා එහි මුදල් ලබා ගැනීමට සොර කණ්ඩායම උත්සහ දරා ඇතත් එම උත්සහාය ව්‍යාර්ථ වී ඇති බවත් එම උත්සාහය ව්‍යාර්ථ වු පසු කාර්යාලයේ මේස ලාච්චුවක දමා තිබු රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් සොරුන් විසින් සොරාගෙන ඇති අතර රුපියල් එක් ලක්ෂ පනස්දහසක් පමණ වටිනා වායු රයිෆලයක් ද සොරුන් විසින් සොරාගෙන ගොස් ඇත.මෙම සොර කණ්ඩායම ඉරිදා(04) රාත්‍රියේ හෝ සඳුදා (05) අලුයම කාර්යාලයට හොර රහසේ ඇතුලු වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. සැකකරුවන් විසින් අසල වු ගරාජයක තිබු ඔක්සිජන් සිලින්ඩර සහ ගෑස් කටර් රැගෙනවිත් අදාළ සේප්පුව කපා දැමීමට උත්සහ කළත් එම උත්සහය ව්‍යාර්ථ වි තිබුනු බවද පොලීසිය සදහන් කරයි.මෙම කාර්යාලයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබෙන බවත් කාර්යාලයට ඇතුලු වු සොරුන් විසින් එහි දත්ත ගබඩා වන ඩී.වී.ආර් රෙකෝඩරය ගලවා ගෙන යාම නිසා කිසිදු දත්තයක් එහි සටහන්ව නැති බව පොලීසිය සදහන් කරයි. නිල සුනඛ අංශයේ ද සහය ඇතිව සැකකරුවන් අල්ලා ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ සිදුකරන අතර සැකකරුවන්ගේ ඇගිලි සලකුණු වාර්තාද ලබා ගැනීමට කටයුතු කල බව අපරාධ විමර්ශන අංශය සදහන් කරයි.

No comments:

Post a Comment