මුලතිව්, වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශයේ වළ දමා තිබු උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.
නාවික හමුදා නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම උණ්ඩ සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
මෙහිදි උණ්ඩ එක් ලක්ෂ 36 000කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව නාවිකා
හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.
මෙම උණ්ඩ පැති අවි සඳහා භාවිතා කරනු ලබන අතර මෑත ඉතිහාසයේ සොයාගත් වැඩිම පැති උණ්ඩ ප්‍රමාණය බව නාවිකා හමුදාව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment